ඇසට සුන්දරත්වය මිස
දිවට රස නොසොයන ජපන් ආහාර සංස්කෘතිය ......
ආහාරය වැදගත් වන්නේ ජීවිතයේ පැවැත්මට වුවත් බොහෝ දෙනා
ආහාර නිසාම ජිවිතයේ වටිනාකම අතරමගදී නැති කරගන්නවා. නමුත් ජපන් ජාතිකයන් මෙම කාරණය
සම්බන්ධයෙන් ඉතා කල්පනාවෙන් කටයුතු කරන බව ඔවුන්ගේ ආහාර සංස්කෘතිය පිළිබද සොයා
බලද්දී පෙනී යන කරුණක්. විශේෂයෙන්ම ජපන් ජාතිකයන් ආහාරයෙහි අන්තර්ගතය, සෞඛ්‍ය ආරක්‍ෂිතභාවය, වර්ණය, රසය වැනි කරුණු මෙන්ම ඒවා පිළියෙළ කරන
ස්ථානය, ආහාර බහා ඇති භාජනයේ තත්ත්වය, ඒවා පිළිගන්වන පුද්ගලයාගේ ඇදුම වැනි බොහෝ කරුණු පිළිබදව විශාල
අවධානයක් දක්වනු ලැබේ.
විශේෂයෙන්ම ජපන් ජාතිකයන්ගේ ආහාර රටාව වෙන්වෙලා තිබෙන්නේ
ඇස වලින් බලා රස විදින්නට මිස දිව පිනවන්නට නොවෙයි. ඔවුන් ආහාරය තම ඇසට අලංකාරයක්
ගෙන එන ආකාරයට ගොඩනගා ගැනීමට විවිධ හැඩවලට කැපීම, හුමාලයෙන් තම්බා ගැනීම, තෙලෙන්
බැද ගැනීම වැනි ක්‍රමෝපායන් යොදා ගන්නවා.
ලංකිකයන්ට මෙන්ම ජපන් ජාතිකයන්ට ද බත් යනු විශේෂ ආහාරයක්. ජපන් ජාතිකයන්ගේ ප්‍රධාන ආහාරය වන බත් ජපන්
භාෂාවෙන් හදුන්වන්නේ “ගොහාන්” යනුවෙන්. මොවුන් ආහාරයේ ගුණාත්මක බව පිලිබදව
විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඔවුන්ගේ හැම ආහාර වේලකටම මස්, මාළු වගේම එළවළු ද මිසෝ නමින්
හදුන්වන සුප් හා අච්චාරු විදිහට සකස් කරන ලද එළවළු ද ඇතුලත් වෙනවා.
ජපන් ජාතිකයන් බොහෝම විනය ගරුක පිරිසක්. ආහාර
අනුභවයේදීත් ඔවුන්ගේ එකී විනය ගරුක බව ඉතා ඉහළයි.
විශේෂයෙන් ආහාර අනුභවයට පෙරාතුව “ඉතාදකිමසු” කියමින් ආහාරය පිළිගන්වනවා. ඒ
වාගේම ආහාරය ගෙන අවසන් වූ විට “ගොවිතෝ සමාදෙශිතා” කියමින් ආහාරය ලබා දීම වෙනුවෙන්
ස්තූති කරනවා.
චෝප්ස්ටික් හෙවත් “හෂි” ජපන් ජාතිකයන් ආහාර අනුභවයේදී
භාවිතයට ගන්නා ලී කූටු දෙකක් වැනි උපකරණයකි. මෙම කලාව චීනයෙන් ජපානයට පැමිණි
කලාවකි. ජපන් ජාතිකයන් චෝප්ස්ටික් භාවිතා කළත් ඒවා අන් අය දෙසට එල්ල කිරීමක් හෝ
ආහාර බදුන් මත සිරස්ව තැබීමක් සිදු නොකරයි. චෝප්ස්ටික් ආධාරයෙන් ආහාර ගැනීම එක්තරා
ආකාරයක අභියෝගයක්. නමුත් එය අපුරු කලාවක්. පහත පින්තුර හා වීඩියෝ මගින් හෂි
ආධාරයෙන් ආහාර ගන්නා ආකාරය පිළිබඳවැ ඔබට දැනගත හැකිය.
පියවර 01
පියවර 02
පියවර 04
පියවර 05
පියවර 06
Japan kiynne api hmoma kmthi sundara ratak..eke culture eka eyalatama aweenikai...Japaan gna hari lassanata present krnn..good luck..!!
ReplyDeleteThank you very much Mali....
DeleteGreat Work.
ReplyDeleteThank you very much akki....
DeleteVery interesting narration on Japan... Good job.
ReplyDeleteThank you very much dear....
DeleteJapan kiynnw bohoma watina culture ekak thiyna ratak..me thorathuru walinuth eka penwa.me gena denuwath karanawata godak sthuthyi...
ReplyDeleteThank you very much dear....
Delete